විදේශීය ණය නොගෙන මහජන බදු මුදලින් අධිවේගී මාර්ග තුනක් හදනවා- ජනපති

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ මීට පෙර කිසිදු අධිවේගී මාර්ගයක් විදේශීය ණය නොගෙන ඉදිකර නොමැති වුවද, මෙවර මහජනතාව ගෙවන බදු මුදල් සහ රජයේ ප්‍රතිපාදන මත පමණක් පදනම්ව එකවර නව අධිවේගී මාර්ග තුනක ඉදිකිරීම් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (11) නිකවැරටිය ප්‍රදේශයේ පැවැති මහජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැස අතර මෙම අධිවේගී මාර්ග ඉදිකිරීම් ප්‍රධාන වන බවයි.

දරුණු අනතුරක් - සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළේ 116ක් අතුරුදන්

දරුණු අනතුරක් - සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළේ 116ක් අතුරුදන්

ඒ අනුව, ගලගෙදර සිට රඹුක්කන දක්වා වන අධිවේගී මාර්ගය, ලබන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති කුරුණෑගල - ගලේවෙල හරහා දඹුල්ල දක්වා වන අධිවේගී මාර්ගය සහ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අධිවේගී මාර්ගය මෙලෙස සම්පූර්ණයෙන්ම රජයේ බදු මුදලින් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.

දරුවන්ගේ මානසික මට්ටම ගැන අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්

දරුවන්ගේ මානසික මට්ටම ගැන අගමැතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්

මහජනතාව විසින් භාණ්ඩාගාරයට ගෙවනු ලබන මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින්, මෙවැනි විශාල ව්‍යාපෘති සඳහා සැලසුම් සකස් කිරීම, ඇස්තමේන්තු හැදීම සහ ටෙන්ඩර් කැඳවීම රාජ්‍ය යන්ත්‍රණයේ වගකීමක් බවත්, ඒ සඳහා ඉදිරියේදී වඩාත් ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.