සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මෙම කාර්යාලය හෙට දිනයේ වසා තැබේ
එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයක් වන ‘කොලම්බස් දිනය’ නිමිත්තෙන් හෙට (12) දිනයේදී කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව, අදාළ නිවාඩු දිනය තුළ තානාපති කාර්යාලයේ දෛනික සේවාවන් සහ කොන්සියුලර් කටයුතු ඇතුළු සාමාන්‍ය කාර්යාලීය මෙහෙයුම් සිදු නොවන බව දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, 2026 ඔක්තෝබර් 13 වන අඟහරුවාදා දින සිට තානාපති කාර්යාලයේ සියලුම සාමාන්‍ය රාජකාරී කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතය.