සියලුම පලාත්වල මේ රාජ්‍ය ආයතන පිහිටවීමට ජනපතිගෙන් නියෝග
දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (11) නිකවැරටිය ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අදාළ කටයුතු වෙනුවෙන් නිලධාරීන් 900කට වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටද අවසර ලබා දී ඇති බවයි.
එමෙන්ම වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, රාජ්‍ය සේවය තුළ සිදුවන එවැනි නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන පිරිස් සඳහා ඉදිරියේදී දැඩි දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.