ATM කාඩ් වලින් සල්ලි ගන්න හැමෝටම විශේෂ දැනුම්දීමක්..ඔබටත් මෙහෙම වෙයි..

Central Bank of Sri Lanka Sri Lanka Police Sri Lanka
By Aruna Apr 11, 2023 01:48 AM GMT
Aruna

Aruna

Report

ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

පසුව අදාළ පුද්ගලයාට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත ඔහු සතුව තබා ගනිමින් පසුව මුදල් ලබාගැනීම සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන සහ මහරගම ඇතුළු පොලිස් ස්ථාන වෙත ලැබුණු පැමිණිලි 50ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඊයේ (10) දින අදාල සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු 24 හැවිරිදි අයෙක් බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now