ATM එකෙන් සල්ලි ගන්න අයට විශේෂ දැනුම්දීමක්...

Sri Lanka Police Sri Lanka
By Aruna Sep 11, 2022 11:57 PM GMT
Aruna

Aruna

Report

රු. ලක්ෂ 50කට අධික මුදල් වංචාවක්

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) කුටි තුළ රැඳී සිටිමින් විවිධ පුද්ගලයන් මුලාකර ඔවුන්ගේ ATM කාඩ්පත උපක්‍රමශීලීව සොරා ගෙන රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගත් පුද්ගලයකු කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ විවිධ පුද්ගලයන්ට හිමි බැංකු 8කට අයත් කාඩ්පත් තිබී පොලිසිය බාරයට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ සැකකරු කඩුවෙල රාජ්‍ය බැංකුවක් අසල රැදී සිටිමින් අවස්ථා 40 පමණ පුද්ගලයන් මුලාකර රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක් වංචා වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවයි.

සැකකරු ඒ අයුරින් මාලඹේ සහ බියගම ප්‍රදේශවල ද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු ඒ.ටී.එම් කුටි තුළ රැඳී සිටිමින් මුදල් වංචා කළ බවට පැමිණිලි රැසක් එම පොලිසිවලට ලැබී ඇතැයි සිදු කළ දීර්ඝ විමර්ශනය වැනි දී අනාවරණය වී ඇත.

සැකකරු එම සෑම සොරකමක් ම සිදු කර ඇත්තේ ජංගම දුරකතනයෙන් ඇමැතුමක් ලබා ගන්නා ආකාරයෙන් ඒ.ටී.එම් කුටිය තුල රැඳී සිටිමින් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha