අතුරු ගිරියේ ඝාතකයා සම්බන්දයෙන් නියෝගයක්

By Sithumi May 08, 2023 10:41 AM GMT
Sithumi

Sithumi

Report

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අද (08) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා පොලීසිය අවසර ලබාදුන්නා අදාළ සැකකරුව පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් අතර ඔහුව අද උදෑසන  ඝාතනය සිදුකළ ස්ථානයට රැගෙන යාමටයි පොලීසිය කටයුතු කළේ.

29 හැවිරිදි සැකකරු මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද පොලීසිය පැවසූ අතර මියගිය කාන්තාවගේ රුපියල් 450,000ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා උකස් කරන ලද රිසිට්පතද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිස් භාරයට ගෙන තිබුණා පසුගිය 02 වනදා සවස් කාලයේ අතුරුගිය පොලිස් වසමේ ගොඩගම පාර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකාරියක් වෙළෙඳසැලේ කාර්යාල කාමරය අසල ආයුධයකින් මුඛයට ඇන අමානුෂික ලෙස ඝාතනය කර තිබුඅනු අතට ඊට අමතරව එම ලී වෙළෙඳසැලේ සේවය කළ 51 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තිබුණා.

එම පුද්ගලයා පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 06 යනදා මියගොස් තිබෙනවා. කෙසේවෙතත් සැකකරුව අද ඝාතනය සිදුකළ ස්ථානයට රැගෙන ඒමෙන් පසු ඔහු පොලීසියට මෙලෙස පැවසුවා.

"එයා කෑ ගැහුවා. ඊට පස්සේ මම ඇඟිල්ල දැම්මා.ඇඟිල්ල ගියා කටට. ඇඟිල්ල හැපුවා. ඊට පස්සේ මම බිමට ඇදලා ගත්තා. ඇඟිල්ල ඇදලා අරගෙන කටට ඇන්නා පිහියෙන්. ඒ කරලා චේන් එක ගලවාගෙන ආවා..."