කොවිඩ් ආසාදිතව සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් මිය යයි.

Covid Corona Sri Lanka Covid death Athula kahadaliyanage
By Aruna Jan 23, 2022 03:34 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ.

ටික කලක් පිළිකා රෝගයට ගොදුරුවීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ,ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් මර්දන නීති රීති අනුව සිදු කෙරෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now