Trending 01 වුන අතුල සහ සමිතා අයෙත් ආදරයෙන් සතුට සැමරූ හැටි. (PHOTOS)

Athuala samitha mudun kotuwa samitha and chiranatha
By Sithumi Jan 16, 2022 05:42 PM GMT
Sithumi

Sithumi

Report

සමිතා මුදුන්කොටුව කීවම කවුද නොදන්නේ. කාලයෙන් කාලෙට කරලියට එන, බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙන ඇය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒ විතරක් නෙවෙයි මියුරු හඬකට උරුමකම් කියන ඇගේ හඬට ආදරේ කරන අයගේද අඩුවක් නෑ.

එදා පටන්ම යෞවන ගායන ශිල්පිණියක් විදිහට ඇය අත්කරගත්තු ජනප්‍රියත්වය අද වෙනකොටත් ඒ විදිහටම රැකගන්න ඇය සමත්වෙලා තියෙනවා.ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය ලද මියුරු කටහඩක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව හට ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩුවෙන්න ගත්තේ තමාට වඩා වසර ගණනාවක් බාල තරුණයෙකු සමග විවාහ වීම නිසයි.

සමිතා පළමුවෙන් විවහා වුයේ අපේ රටේ ජනප්‍රිය ගායකයෙක් වන අතුල අධිකාරී සමඟයි. අතුල සමිතා කියන්නේ කාලයක් එකට ආදරයෙන් ජිවත් වුන පසුව විවාහයෙන් වෙන්වුන දෙදෙනෙක්. නමුත් ඔවුන් තවමත් ආදරයෙන් සතුටෙන් කාලය ගත කරනවා.

ඉතින් අතුල අධිකාරී කියන්නේ ප්‍රේක්ෂකයා වගේම රසිකයින්ගේ හදවත් තුල හැමදාමත් ආදරය ලබාගත් ආදරණිය හදවතේ ගායකයෙක්. ඔහුගේ හඩට පෙම්කරන තරුණ තරුණියන් බොහොමයි. ඔහු ඉතාමත් නිහතමානී කලාකරුවෙක්. 

ඉතාමත් සහයෝගයෙන් හැමෝම එක්ක ඔහු කටයුතු කරන බව නම් නොරහසක්. ඉතින් පසු ගිය දිනක අතුල සහ සමිතා ප්‍රේක්ෂකයන් පුදුම කරවමින් අලුත් නිර්මාණයක් එනම් ලස්සන යුග ගීතයක් ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නා. ආත්මාගේ සිංදුවකට මේ දෙදෙනා කවර් එකක් කරා. මේ සින්දුවට බොහෝ ප්‍රතිචාර ලැබුනා කිව්වොත් නිවැරදියි.

මේ වෙද්දී යු ටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින්ම ඔවුන්ගේ ගීතය තියෙනවා. මේ ගීතයෙන් ඔවුන්ගේ රසිකයන් ගොඩක් සතුටු වුන බව ඔවුන්ට ලැබී තිබු ප්‍රතිචාර වලින් පෙනී ගියා. ඉතින් මෙම නිර්මාණය නිසා බොහෝ දෙනා හිතුවේ අතුල සහ සමිතා නැවතත් එකතු වෙලා කියලා.

නමුත් ඔවුන් වේන් වී සිටියත් ඔවුන්ගේ ආදරේ නම් කිසිදු අඩුවක් නොවූ බවයි අපට නම් පෙනී යන්නේ. මේ සින්දුව නිසා අතුල සමිතාගේ ආදරණිය දියණිය කවී බොහෝ සතුටට පත්ව තිබුන බවද දැකගන්න ලැබුනා. ඉතින් බොහෝ ප්‍රතිචාර මැද සින්දුව trending 01 වුන සතුට ඔවුන් දෙදෙනා සමරන්න අමතක කරලා තිබුනේ නැහැ. 

අතුල සමිතා දුව කවි, චිරන්ත ඇතුළු සින්දුවට දායක වුන බොහෝ පිරිසක් මේ අවස්ථාවට සමබන්ධ වී තිබුනා. ඉතින් අපි මුළු හදවතින්ම සුභ පතනවා තව තවත් මේ වගේ නිර්මාණ ඉදිරියට කරන්න ලැබේවා කියලා

GalleryGalleryGalleryGallery
ReeCha