අදින් අවසන් වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 22, 2024 10:47 AM GMT
krishani

krishani

Report

අද (22) දිනයෙන් අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි වටය සඳහා අයදුම්පත් භාරදීමට දී තිබූ කාලය අවසන් වේ.

අදින් අවසන් වන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | Aswasuma Of Sri Lanka

මේ වන විට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් 250,000ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මෙම අයදුම්පත් භාරදීමට අවස්ථාව දිවයින පුරා පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට ද සලසා දී තිබුණේ ය.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයදුම්පත් භාරදීමට තිබූ කාලය පසුගිය 15 වනදා අවසන් වීමට තිබූණේ ය.

නමුත්, පසුව රජය තීරණය කළේ එම කාලය තවත් සතියකින් දීර්ඝ කිරීමට ය.

කෙසේ වෙතත්, දෙවැනි අදියර යටතේ තෝරා ගන්නා ප්‍රතිලාභීන් වෙනුවෙන් ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිත අතර අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහන මඟින් ප්‍රතිලාභ ලබන පිරිස මේ වනවිට ලක්ෂ 16 කට අධික වේ.

ReeCha