"අද කල්පනාකාරීවම කටයුතු කරන්න.. හේතුව මේකයි.." - ඔබේ ලග්නයට කොහොමද කියලා බලලම දවස සුබ කරගන්න.

Sri Lanka Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Nov 05, 2023 11:53 PM GMT
krishani

krishani

Report

මේෂ ?

අද බට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.

වෘෂභ ?

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය.

මිථුන ?

අද ඉතාම ශුභයි.හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.

කටක ?

ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි.ඉගෙනුම ලබන අයට යහපත්ය.

සිංහ ?

අද ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

කන්‍යා ?

අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි.

තුලා ?

අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි.

වෘශ්චික ?

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.

ධනු ?

අද එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය.

මකර ?

අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි.ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.

කුම්භ ?

අන්‍යයන් ඇසුරු කිරීමේ දී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ.අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.

මීන ?

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව අද වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි.

ReeCha