ගලෙන්බිඳුණුවැව හිටපු ප්‍රාදේශීය සභාපතිටත් වැඩ වරදී

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන්ත නාමල් විජේරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත.

එතුමා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සභාපති ධුරය දැරූ කාලය (2011 සිට 2016 දක්වා ) තුළ රැස්කර ගත් බව කියන පැහැදිලි කළ නොහැකි වත්කම් පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.

මෙම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස විජේරත්නට මහතාට දැනුම් දී තිබුණත් ඔහු පැමිණ තිබුණේ නැත.

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 126 සහ 127(1)(u) වගන්ති යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද එතුමා අල්ලස් හෝ දූෂණ චෝදනා නිසාත් ,විමර්ශනයට සහභාගී නොවීමත් ආදී හේතූන් නිසා ඊයේ (24) දිනයේ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන්පසුව ඔක්තෝබර් 31 දක්වා විජේරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කර තිබේ.

ගණිකාවන් ලියාපදිංචි කරන්න - පෙරපාසලේ ඉදන් පාසල දක්වා ලිංගික අධ්‍යාපනය දෙන්න

ගණිකාවන් ලියාපදිංචි කරන්න - පෙරපාසලේ ඉදන් පාසල දක්වා ලිංගික අධ්‍යාපනය දෙන්න