දෙයියනේ උදැල්ලෙන් ගහලා කාන්තාවක් මරලා
By Mithu
පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් 55 හැවිරිදි කාන්තාවකට ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ උදැල්ලකින් පහරදී බව සඳහන්.
පොලීසිය සඳහන් කළේ, මෙම ඝාතනය ඊයේ (22) සවස කාලයේ සිදු වූ බවයි. පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 59 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොතුවිල් පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.