ආසිරි රෝහලේ කළමනාකර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේට ඇප
අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනූව එම රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම පිළිබඳව වූ නඩු කටයුත්තකට අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කර තිබිණා.
අඳාළ රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකවරයා වශයෙන් ප්‍රකට ව්‍යාපාරික, අශෝක පතිරගේ කටයුතු කරයි.
ඒ අනුව ඔහු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුක්ත වේ.
කෙසේ වෙතත් මොවුන්ව වහාම අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරිය වරෙන්තු නිකුත් කර තිබුණේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් නීතියට ඉහළින් නොසිටින බවත්, නීතිය ඉදිරියේ සැවොම සමාන බවත් අවධාරණය කරමින්, පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ සිද්ධියෙන් අසාධාරණයට පත් වූ සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි.