ආශාවරි සංගීත කණ්ඩායම ගැන පොලීසියෙන් ප්‍රකාශයක්
CID - Sri Lanka Police
Sri Lanka Police
By Sithumi
දරුවන් පිරිසක් එක්ව පවත්වාගෙන යන ආශාවරී සංගීත කණ්ඩායමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොලීසිය පවසනවා පොලීසිය මැදිහත් වී එම සංගීත කණ්ඩායමට බාධා කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ, ළමුන්ගේ ප්‍රාසාංගික කටයුතු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධවද ඒවායේ ගැලපීම් සහ නොගැලපීම් සීමාවන් පිළිබදවද කටයුතු කරනු ලබන්නේ වෙනත් ආයතනයක් ළමයෙකුට සිදුවන අපරාධමය වැරදි සම්බන්ධව සහ ඒවායෙන් ඔවුන් මුදවා ගැනීම සදහා දැනුවත් කිරීමේ කාර්යයන් හැර වෙනත් කිසිදු කටයුත්තක් සදහා පොලීසිය මැදිහත් නොවන බවයි.