"මගෙ අස්ථි බිත්තර කටුවක් තරම්වත් ශක්තිමත් නෑ.යන්තම් ටිකක් හයියෙන් ඇල්ලුවොත් බිඳෙනවා.ආයේ ඒක සවි වෙන්නෙත් විකෘති වෙලා.." - ජිවිතය ජයගත්ත Software Engineer අශාන්ගේ කතාව. (VIDEO)
අද අපි කතා කරන්න යන්නේ සෑම පුද්ගලයෙක්ටම ජිවිතයට වැදගත් වන දෙයක් සම්බන්ධයෙන්.
එනම් උත්සාහය, උනන්දුව, කැපවීම තියෙනව නම් ජිවිතය ජය ගන්න අපිට මේ ලෝකෙ කළ නොහැක්කක් නොමැති බවයි.
අපේ කතාවේ කථා නායකයා තමයි අශාන් සේනාධීර.වයස අවුරුදු 18 වන වියේ පසුවන ඔහු ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
මේ වන විට ආයතනයක පුහුණු Software engineer කෙනෙක් විදිහට අශාන් සිය රැකියාව අපේක්ෂාවෙන් සේවය කරමින් සිටියි.
එනම් රැකියාවක් සඳහා පුහුණුවක් ලබන පුද්ගලයෙක් ලෙස ඔහු හදුන්වන්න පුලුවන්.
අශාන් කියා සිටියේ ඔහු උපතේ සිට වැඩි කාලයක් නේවාසිකව රෝහලේ සිටි බවයි.ඒ ඔහුගේ අස්ථි බිඳීමේ රෝගය හේතුවෙන් ය.
අස්ථි ශක්තිමත් නොවීම හේතුවෙන් යන්තමින් හෝ තදකර ඇල්ලුවහොත් අස්ථි බිඳී යන බවත් නැවත එම අස්ථිය යථා තත්ත්වයට නොඑන බවත් එය විකෘති වී සවි වෙන බවත් ඔහු පැවසීය.
ඒ සඳහාත් ඔහු විශාල වේදනාවක් විඳිය යුතු බවත් අශාන් වචන වලට පෙරලුවේ සංවේදීව ය.
එවන් පසුබිමක් තුළ අශාන් ආ ගමන සුලුපටු නොවේ.එනම් දෙමාපියන්ගේ ආශිර්වාදයෙන් ඔහු අද software engineer කෙනෙක්.
එවන් ගමනක් තුළ අශාන්ගේ මග පෙන්වන්නා ලෙස ඔහු ගෞරවයෙන් එක් පුද්ගලයෙක් ගැන සඳහන් කළේ මෙහෙමයි.
එම විඩියෝව පහතින් නරඹන්න,
