තවත් ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

covid19 bandula gunawardhana thilak rajapaksha janaka vakkubura asanka navarathna
By Sewvandhi Aug 30, 2021 05:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටින්නේ ආසන්න දින කිහිපය තමන් ආශ්‍රය කළ සියලු දෙනා ස්වයං නිරෝධායනය වන ලෙසයි.

එමෙන්ම මීට පෙර දිනයකදී වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිත බව හදුනා ගැනුනා.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. කොළඹ පෞද්ගලික රෝහලකට අයත් නිරෝධායන මධ්‍යස්ථානක මේ වනවිට වෛද්‍ය අධික්ෂණය යත්තේ අමාත්‍යවරයා නිරෝධායන වෙමින් පසුවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර අමාත්‍යවරයාගේ දියණියට සිදුකළ කොවිඩ් පරීක්ෂණයක දී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ තමා ඇතුළු පවුලේ සියලු දෙනා වෛද්‍ය උපදෙස් මත නිරෝධායනයට යොමුවන බව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පසුගිය 22 වනදා පවසා තිබුණා.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ..

එමෙන්ම සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් තම බිරිඳ සහ දියණිය සමඟ පරීක්ෂණ සඳහා යොමු වූ අවස්ථාවේ තිදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මන්ත්‍රිවරයා පවසයි.

එමෙන්ම මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අභවප්‍රාප්ත විය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now