අඟහරු ග්‍රහයාගේ මතුපිට සාගරයක් නිර්මාණය කරන්න තරම් ජලය හමුවෙයි..අලුත්ම සොයා ගැනීම මෙන්න.(PHOTOS)

By Aruna Aug 15, 2024 07:45 AM GMT
Report

අඟ­හරු ග්‍රාහ­කය මතු­පිට සාග­ර­යක් නිර්මා­ණය කිරී­මට ප්‍රමා­ණ­වත් ජල ධාරි­තා­වක් එහි ගැඹුරු පතුලේ තැන්පත්වී ඇති බව නාසා ආය­ත­නයේ නව පර්යේ­ෂ­ණ­ය­කින් හෙළි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­යන් කණ්ඩා­ය­මක් ප්‍රකාශ කර තිබෙන්නේ, ග්‍රහයාගේ කිලෝ­මී­ටර් 20ක් තරම් ගැඹු­ර­කින් එම ජල ධාරි­තාව තැන්පත් වී ඇති බවට එහි මතු­පිට ඇති කුඩා ඉරි තැලීම් හා පාෂාණ සිදු­රු­ව­ලින් අනු­මාන කළ හැකි බවයි.

මෙවර ජනපතිවරණය සඳහා තරග කරණ අපේක්ෂකයින් නිලවශයෙන් නම් කරයි..එම පිරිස මෙන්න.

මෙවර ජනපතිවරණය සඳහා තරග කරණ අපේක්ෂකයින් නිලවශයෙන් නම් කරයි..එම පිරිස මෙන්න.


නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­යන් කණ්ඩා­යම එසේ අනු­මාන කර ඇත්තේ, මීට වසර කිහි­ප­ය­කට පෙර අඟ­හරු ග්‍රහයාගේ අභ්‍ය­න්ත­රය අධ්‍ය­ය­නය කිරීම සඳහා භූ කම්පන මාප­ක­යක් සවි කළ ලැන්ඩ­ර­යක් යැවී­මෙන් ලබා­ගත් දත්ත වාර්තා විශ්ලේ­ෂ­ණය කිරී­මෙන් බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

එම ලෑන්ඩ­රය වසර 2018 සිට 2022 දක්වා කාල­යේදී අඟ­හරු ග්‍රහයාගේ මතු­පිට ගොඩ බස්වා අධ්‍ය­යන කට­යුතු සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­යන් ප්‍රකාශ කර තිබෙන්නේ, ජලය ඇතැයි අනු­මාන කරන ගැඹුරු සීමා­වට ප්‍රවේශ වීමට ඉදිරි අනා­ග­ත­යේදී විද්‍යා­ඥ­යන් සමත් වන්නේ නම් අඟ­හරු මතු­පිට ජීවින්ට වාසය කිරී­මට සුදුසු පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීමේ හැකි­යාව ද පව­තින බවයි.

14 හැවිරිදි පාසල් සිසුවියකට පාසලේදීම සිසුන් තිදෙනෙක් එකතුවී කළ දේ..සිසුන් තිදෙනා අත්අඩංගුවට ගනී.

14 හැවිරිදි පාසල් සිසුවියකට පාසලේදීම සිසුන් තිදෙනෙක් එකතුවී කළ දේ..සිසුන් තිදෙනා අත්අඩංගුවට ගනී.


කෙසේ වුවද එය විශාල අභි­යෝ­ග­යක් වනු ඇතැයි ද ඔවුන් වැඩිදුරටත් සඳ­හන් කර තිබේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery