අරුණි විජේවර්ධන නව අමාත්‍යාංශයේ වැඩ භාරගනී..!

Report

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය අද (23) එම අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

එතුමිය 2022 මැයි 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඇයව එම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබුණි.

විජේවර්ධන මහත්මිය වසර 34 ක් මුළුල්ලේ ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළ නිලධාරිනියක් වන අතර සිය වෘත්තීය  කාලය  තුළ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇය බොහෝ තනතුරු හොබවා තිබුණාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now