අරුගම්බේ ප්‍රහාර සැලසුම ගැන ඉන්දීය බුද්ධි අංශ සැපයු තොරතුරු එළියට.. දෙන්නෙකුත් දැම්ම හැටි.. ඇල්ලටත් විශේෂ ආරක්ෂාවක්..

Sri Lanka Police Sri Lanka Police Investigation Bomb Blast Latest Headlines
By krishani Oct 23, 2024 03:32 PM GMT
krishani

krishani

Report

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව අද (23) හෙළිදරව් විය.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක් වේ.

ඊශ්‍රායල ජාතිකයන් එම ප්‍රදේශයේ වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.

එවන් පසුබිමක පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ ඉන්දීය බුද්ධි අංශ දැනුවත් කර ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි යන්නයි.

ඒ අනුව ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී ඇත්තේ අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවයි.

උණුසුම යන්නත් කලින්, ගම්මන්පිලගෙන් තවත් අභියෝගයක් මෙන්න..(VIDEO)

උණුසුම යන්නත් කලින්, ගම්මන්පිලගෙන් තවත් අභියෝගයක් මෙන්න..(VIDEO)


ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාදී ඇතැයිද එම තොරතුරුවල සඳහන් වේ.

ඒ අනුව අදාළ පුද්ගලයන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදී තිබෙනවා.

එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මගින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.

මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.


එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මගින් තහවුරුකර ඇත.

ඒ අයුරු දක්නට ලැබුණි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

එමෙන්ම, ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර ඇත.

මේ අතර ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට අද දැනුම්දීය.

ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා ඇත.

තවද, වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මගින් ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි විශ්වසනීය තොරතුරක් ලැබී ඇති බැවින් නැවත දැනුම්දෙනතුරු එම ප්‍රදේශයට යෑමෙන් වළකින ලෙස කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන්ට සහ මෙරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අද පෙරවරුවේ නිවේදනය කලේ ය.

රජයෙන් රු.25,000 ක දීමනාව.. අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනව ද?. ජනපති එක්ක ලේසි නෑ..

රජයෙන් රු.25,000 ක දීමනාව.. අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනව ද?. ජනපති එක්ක ලේසි නෑ..


අමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනය පසුබිම් කරගනිමින් මෙරට රුසියානු තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාල ද ඊට සමගාමීව මෙරට රැඳී සිටින සිය පුරවැසියන්ට නිකුත් කරන සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර ඇත.

කෙසේ වෙතත්, වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේ විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ දැනටමත් පියවරගෙන ඇති බවයි.