රජයෙන් රු.25,000 ක දීමනාව.. අවබෝධයෙන් වැඩ කරනවා ද? නීතියට වැඩ කරනව ද?. ජනපති එක්ක ලේසි නෑ..

Report

වෙළෙඳපොළේ හාල් හිඟයක් පැවැතියත් රට තුළ හාල් හිඟයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද (23) පැවැති ජනහමුවකට එක්වෙමින් ය.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"මම ඊයේ හාල් මෝල් හිමියන් හමුවුණා. රටේ සහල් හිඟයක් නැහැ. මේ හදන්නේ කෘතීම හාල් හිඟයක් අපි ඒ අයට දැනුම්දුන්නා මෝල් හිමියන් අවබෝධයෙන් වැඩකරනවාද? නීතියට වැඩකරනවද?

අපේ පළමු කැමැත්ත අවබෝධයෙන් වැඩකිරීම. හැබැයි කවුරුහරි කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්න ලෑස්ති කියලා කිව්වා.

උණුසුම යන්නත් කලින්, ගම්මන්පිලගෙන් තවත් අභියෝගයක් මෙන්න..(VIDEO)

උණුසුම යන්නත් කලින්, ගම්මන්පිලගෙන් තවත් අභියෝගයක් මෙන්න..(VIDEO)


රටේ හාල් හිඟයක් නැහැ කඩේ හාල් හිඟයක් තිබුණට. රටේ හාල් හිඟයක් නැහැ හරි පැහැදිලීයි. ඒ නිසා පිටරටින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් ඇර වෙන එක හාල් ඇටයක් පිටරටින් ආනයනය කරන්නේ නැහැ.

ඔබ වගා කරන්න. අපි ඔන්න ආරම්භක් ලෙස හෙක්ටයාරයකට දීපු 15,000 දීමනාව පොහොර සහනාධාරය 25,000 දක්වා වැඩිකළා. වගාබිම්වලට බහින්න මේ රට ගොඩ නගන්න ඕනේ.."