මත් පෙති හා කුෂ් තොගයක් රේගු දැලේ...

news Sri lanka Strike Gagana news To day news
By Subodha Feb 15, 2022 10:32 AM GMT
Subodha

Subodha

Report

ශ්‍රි ලංකා රේගුව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙරටට එවා තිබු මත් පෙති හා කුෂ් තොගයක් සොයා ගෙන ඇත.

මේ වන විට සොයාගෙන ඇත්තේ මේවායේ වෙළදපොල වටිනාකම මිලියන 09කට ආසන්න වන බවයි.

අදාල පාර්සල් බ්‍රිතාන්‍ය ,කැනඩාව හා ජර්මනිය යන රට වලින් මෙරට කොළඹ හා ගම්පහ යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් වෙත එවා ඇති බවයි.

එහිදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරිනි විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුල සිදුකරනු ලබන ආවේක්ෂණ රාජකාරි වලදි මෙම පාර්සල් ගැන සැකසිති සිදු කරනු ලබන සෝදිසි කිරිමකදි මෙම තොගය සොයාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් වැඩිදුර පරික්ෂණ වලදි අනාවරණය වුයේ මෙම පාර්සල් එවා තිබු ලිපිනයන් ව්‍යාජ ඒවා බවය.

මෙහිදි විවෘත්ත කරන ලද පෞද්ගලික භාණ්ඩ තුල සුක්ෂම ලෙස සගවා තිබිය දි සොයා ගනු ලැබු කුෂ් නැමති ගංජා ග්‍රෑම් 472ක් හා ectasy නැමති මත් පෙති 302ක් සොයා ගන්නා ලදි.

මෙම මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශණ සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දිමට නියමිතයි .  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 


Join Now