අමුතුම විදිහකට නිරුවත විකුණන වීදි ළඳුන් - එක එක විදිහට අය කරන ගාන වැඩි කරලා.. වැඩිපුරම මුදල් වියදම් කරලා තියෙන්නේ පාසල් සිසුන්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 09, 2023 03:52 PM GMT
krishani

krishani

Report

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිය නිරුවත අලෙවි කළ තිස් තුන් වියැති විවාහක කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ඇය විනාඩි දහයක කාලසීමාවක් තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිය නිරුවත ප්‍රදර්ශනය කිරීමට රුපියල් දෙදහසක මුදලක් අය කර තිබෙනවා.

එමෙන්ම පැයක කාලසීමාවක් තුළ සිය නිරුවත පෙන්වීමට රුපියල් අට දහසක මුදලක් ලබා ගෙන ඇත.

එහිදී සිය මුහුණ සමග නිරුවත පෙන්වීමට එම කාන්තාව ඒ මුදල මෙන් දෙගුණයක් අයකර තිබෙනවා.

ඒ බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එලෙස මුදල් ගෙවා එම කාන්තාවගේ නිරුවත දැක බලාගෙන ඇති බහුතරයක් දෙනා පාසල් සිසුන් බව අනාවරණය වී තිබීම විශේෂත්වයක් වේ.

එම පාසල් දරුවන් අමතර පන්ති සඳහා ඔවුන්ගේ දෙමාපියන් ලබා දෙන මුදල් ඒ සඳහා වැයකර ඇති බව හෙළි වී ඇත.

අදාළ කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ අනියම් ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය විය.

ReeCha