විවිධ වර්ගයේ, මත්ද්‍රව්‍ය තොගයක් සමගින් කතක් අත්අඩංගුවට..

Sri Lanka Police STF Colombo Sri Lanka Police Investigation Drugs
By krishani May 29, 2023 07:40 AM GMT
krishani

krishani

Report

ඊයේ (28) ග්‍රෑන්ඩ්පාස් - හේනමුල්ල ප්‍රදේශයේ දී විව්ධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගත් කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකා අතුරුගිරිය කඳවුරේ නිලධාරීනට ලද තොරතුරක් මත ය.

එම සිදුකළ වැටලීමෙන් මෙම කාන්තාව සතුව හෙරොයින් ග්‍රෑම් 50, මිලිග්‍රෑම් 610, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 101 මිලි ග්‍රෑම් 100ක්, කේරළ ගංජා කිලෝ 03 - ග්‍රෑම් 240 සහ මත් පෙති 900ක් හමු වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි හේනමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය අද (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join