පාකිස්ථානය ඇවිලෙයි.. මේ ගැනත් අවධානයෙන් සිටින්න.. ප්‍රබල රටවල් රැසක් අවදානම් නිවේදන නිකුත් කරයි.. (VIDEO)

By krishani May 10, 2023 11:35 AM GMT
Report

හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැණින.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී ය.

මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ කලහකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වී ඇති අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ද හටගෙන ඇත.

විරෝධතාකරුවන් එක්රැස්වීම පාලනය කිරීමේ අරමුණින් මේ වන විට අන්තර්ජාල පිවිසුම් අවහිර කිරිමට ද බලධාරීන් පියවර ගෙන ඇත. 

එය සැළකිල්ලට ගනිමින් අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව මෙලෙස පාකිස්තානය සඳහා නව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන කාරණයක් සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිබඳ යළි සලකා බලන ලෙස අදාළ නිවේදන මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

විඩියෝ දර්ශන - DW News Y-Tube Channel


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join