ට්‍රම්ප්ට වෙඩි තියන්න ආ පුද්ගලයෙකුට වෙඩි
Donald Trump ඝාතනය කිරීමේ අරමුණින් ගිනි අවි රැගෙන Mar-a-Lago මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට ජනපති ආරක්ෂක අංශ වෙඩි තැබූ බව වාර්තා වේ.
මෙම සිද්ධිය Florida ජනපදයේ පිහිටි මන්දිරයේදී සිදුව ඇති අතර, වෙඩි ප්‍රහාරයට ලක්වූ සන්නද්ධ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය බව පැවසෙයි.
United States Secret Service ප්‍රකාශක Anthony Guglielmi එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මෙම සිද්ධිය තහවුරු කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.