රාජ්‍ය සේවකයන්ට නිදහසේ වැඩ කරගන්න නැද්ද? දේශපාලන ඇගිලි ගැසීම් වැඩි බව චෝදනාවක්

Report

රාජ්‍ය සේවය තුළ සිදුවන දේශපාලන මැදිහත්වීම් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවට ජාතික ජන බලවේගයේ (NPP) රජය විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන්ට පටහැනි අන්දමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සිය දැඩි විරෝධය පළ කර ඇත.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සිදු කරනු ලබන දේශපාලන ඇඟිලි ගැසීම් හෙළා දකිමින් එම සංගමය විසින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැඩිව කරුණු දක්වමින් ලිපියක් යොමු කර තිබේ.

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

විශ්‍රාම වැටුප් තාවකාලිකව නතර වේ - රජයෙන් දැඩි තීරණයක්

අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ඉඩම් ගැටළු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සෘජුවම ලිපි යොමු කර ඇති බවත්, එමගින් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට උත්සාහ දරා ඇති බවත් සංගමය යොමු කළ අදාළ ලිපිය මගින් අනාවරණය කර තිබේ.

මෙවැනි ක්‍රියාවන් මගින් රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අවකාශය අහිමි වන බව ඔවුන් පෙන්වා දී ඇත. මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන ඉඩම් ගැටළු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය අවධාරණය කරයි.

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

අමාත්‍යාංශයේ නිරීක්ෂණයන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කරන්නේ නම්, එය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ අතිරේක අමාත්‍යාංශ ලේකම්වරයෙකු, ජ්‍යෙෂ්ඨ සහකාර අමාත්‍යාංශ ලේකම්වරයෙකු හෝ අමාත්‍යාංශ කාර්යාලයේ ඒ සඳහා නම් කරන ලද නිලධාරියෙකු හරහා නිල ලිපියක් මගින් පමණක් සිදු කළ යුතු බව ඔවුහු පවසයි.

ඉඩම් ගැටළු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සිදු කරන මෙම දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය සටහන් කරන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය, මෙවැනි බලපෑම් වලින් තොරව ස්වාධීනව සිය රාජකාරි කටයුතු කරගෙන යාමට නිලධාරීන්ට හැකි වන පරිදි වහාම සුදුසු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් තරයේ ඉල්ලා ඇත.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට