ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක් - මාර්තු මාසයේ සේවා අංශයෙන් රටටම සුබයි
සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව, මාර්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ද මාර්තු මාසය තුළ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
ඊට අමතරව මූල්‍ය සේවා අංශයෙහි ණය ලබාදීමේ ක්‍රියාකාරකම් ඉහළ යාමක් ද මාර්තු මාසය තුළ දක්නට ලැබෙන බව සඳහන්.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ උත්සව සමයේ අධික ඉල්ලුම නිසා තොග සහ සිල්ලර වෙළඳාම ආශ්රිත ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණ බවයි.