කොළඹ නාට්ටාමි ප්‍රජාවට සුභ ආරංචියක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද (10) කොළඹ නට්ටාමි ප්‍රජාවේ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ජංගම 'ආරෝග්‍යා' සෞඛ්‍ය සායනයක් සංවිධානය කර තිබෙනවා.
මෙම සායනය උදෑසන 8.00 සිට කොළඹ කොටුව මහපල්ලිය පරිශ්‍රය තුළ පැවැත්වෙන අතර, ප්‍රධාන වශයෙන් බෝ නොවන රෝග (Non-Communicable Diseases - NCDs) හඳුනාගැනීම හා මුල් අවධියේ ප්‍රතිකාර ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශයේ නිලධාරීන් පවසන පරිදි, සායනයට එක්වන සෑම දෙනෙකුටම නොමිලේ පුළුල් සෞඛ්‍ය පරීක්ෂණ ලබාදෙන අතර, එදින ලබාගත හැකි ප්‍රධාන සේවා 10ක් මෙසේයි:
රුධිර පීඩන පරීක්ෂාව, රුධිර සීනි මට්ටම් (ඩයබටික්ස්) පරීක්ෂාව, කොලෙස්ටරෝල් මට්ටම් පරීක්ෂාව, ශරීර ස්කන්ධ සූචකය (BMI) හා බර තත්ත්ව තක්සේරුව, දත් (දන්ත) පරීක්ෂාව, ඇස් (අක්ෂි) පරීක්ෂාව, හෘද රෝග අවදානම් තක්සේරුව, තරබාරුකම හා පෝෂණ උපදෙස්, සෞඛ්‍ය අධ්‍යාපනය හා උපදේශන, බෝ නොවන රෝග පිළිබඳ විශේෂ උපදේශන සේවා
මෙම ජංගම සායන වැඩසටහන හරහා නට්ටාමි ප්‍රජාවේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම, බෝ නොවන රෝග මගින් ඇතිවන බරපතල තත්ත්වයන් වළක්වා ගැනීම හා මුල් හඳුනාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම අරමුණු කර තිබෙනවා.
කොළඹ කොටුව ප්‍රදේශයේ වෙසෙන නට්ටාමි ප්‍රජාවේ සියලු දෙනාට අද උදෑසන 8.00 සිට මහපල්ලිය වෙත පැමිණ මෙම නොමිලේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරාධනා කර සිටියි.