මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රු. බිලියන දහයකට අධික පාඩුවක් කළ අර්ජුන මහේන්ද්‍රන්ට අද දුන්න නියෝගය

Report

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් මහතාට පනවා තිබෙන නඩුව ඔක්තෝබර් 30 වන දින නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (21) දින නියෝග කර ඇත.

එසේම මෙම සැකකරු සම්බන්ධයෙන් නිසි පියවර අනුව සිතාසි ක්‍රියාකළ අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අඳාළ සැකකරුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙර නඩු දිනයේදී නොතීසි නිකුත් කර තිබෙන බවයි.

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

ඊට අමතරව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා ඇත. අඳාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලට අනුව හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අල්ලස් පනත යටතේ දුෂණය නැමති චෝදනාව යටතේ නඩු පැවරීමට හැකියාව ඇති බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව සඳහා පෙනී සිටි නිලධාරීන් පෙර නඩු දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියා.

ඉකුත් 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි පවසමින් අල්ලස් කොමිසම මඟින් ගොනුකර ඇති පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙසේ නියෝග කර ඇත.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ අර්ජුන් මහේන්ද්‍ර එම සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම්කර සිටින බවයි.

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්

2015 වසරේ පෙබරවාරි 27 වැනි දින පැවති බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් කිරීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ නඩුව පවරා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

අඳාළ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන උධෘත අධ්‍යනය කළ නීතිපතිවරයා විසින් හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මහා බැංකු නියෝජ්‍ය අධිපති පී.සමරවීර, පර්පෙල්චුවර් ටෙශරිස් සමාගමේ අර්ජුන් ඇලොසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ⁣බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා 23 ක් යටතේ නඩු ගොනු කර ඇත.

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි