නිවසට හොරෙන් විදුලිය ගත් නගරාධිපතිගේ පියා අත්අඩංගුවට
විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියෙකු සිය හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
සැකකාර එම විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරීවරයා මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ පියා බව පොලිසිය කියයි .
නගරාධිපතිවරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලිස් නිලධාරියකු පැවැසීය. බොහෝ අවස්ථාවල පස්වරුවේ සිට පසුදින පෙරවරුව දක්වා මහරගම නගරාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විදුලි කණුවලට සවිකර තිබෙන අධිබලති විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවට දින කීපයක සිට ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මාර්ගයේ තිබෙන විදුලි කණු වලින් අධිබලති විදුලි බල්බ වලට හොර රහසේ විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පැවැසීය.
සැකකාර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා නිත්‍යානුකූල විදුලි සැපයුමක් නිවසට සපයා තිබියදී අමතර වයරයක් යොදා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණු වලින් විදුලිය ලබා ගැනීම ලබා ගෙන අමතර ලාම්පු දැල්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |