මෙරට තවත් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ ගණනාවකින් ඩෙල්ටා හමුවේ. රට පුරාම සීඝ්‍ර ව්‍යාප්තියක් - සියලු ප්‍රදේශ මෙන්න

Covid spread Delta Varient Super delta delta sri lanka
By Sithumi Aug 28, 2021 05:38 AM GMT
Sithumi

Sithumi

Report

මේ දක්වා ඩෙල්ට් කොවිඩ් ප්‍රභේදය හඳුනාගත් දිස්ත්‍රික්ක වලට අමතරව තවත් ස්ත්‍රික්ක සහ සහ ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් හඳුනා ගත් බව තහවුරු වී තිබෙනවා.

නවතම ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අනුව කොළඹ මහ නගර සභා සීමාව, කිරිබත්ගොඩ,කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, පිළියන්දල, ගම්පහ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, අම්බලන්ගොඩ, වව්නියාව, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගැනේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවතම අනුක්‍රමික දත්ත වලින් පෙන්නුම් කෙරෙන්නේ කොවිඩ් -19 ධනාත්මක රෝගීන්ගේ තහවුරු කරන ලද ඩෙල්ටා ප්‍රභේදය 292 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ කොළඹ ප්‍රදේශයේ ජනතාවගෙන් නව ආසාදිතයින් 100% ම පෙන්වන්නේ ඩෙල්ටා රෝගීන් බවයි .

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය. කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.    

_______________________

විශාල මහල් නිවාසයක් සම්පූර්ණයෙන් විනාශ වන දරුණු ගින්නේ වීඩියෝ පහතින් නරඹන්න ?



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now