රියදුරන් මෙතරම් නොසැලකිලිමත්ද ? තවත් අනතුරක්
Sri Lanka Police
Accident
Srilanka Bus
Sinhala news
By Hashan
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.
අදාළ බස් රථය පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ. මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අදාළ තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වී ඇත්තේ. එසේම බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කිරීමට පියවර ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. රියදුරන් මෙතරම් නොසැලකිලිමත්ද ?
