ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා හා බිරිඳ ප්‍රියංගා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වේ

Report

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද වරෙන්තු නිකුත් කළ බව මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

FCID කැඳවීම හමුවේ ශිරන්ති රාජපක්ෂ විදෙස්ගත වූ බවට පළවන පුවත් අසත්‍ය බව හෙළිවෙයි

කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනී සිටි අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අරවින්ද ද සිල්වා මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති අතර ඇයගේ අවමංගල්‍ය උත්සවය අද දින පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

කෙසේවෙතත්, අදාළ වරෙන්තු ආපසු කැඳවීම සඳහා ඉදිරිපත් වන අවස්ථාවේදී එම කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බව මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.