ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තැනකට ගේනවා- ජාතික සම්පතක් ලෙස යළි ගොඩනැගීමට දේශපාලන නායකත්වය සූදානම්

By Kanchana Sep 17, 2026 10:23 AM GMT
Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම තම අරමුණ බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සදහන් කර ඇත

එම සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා මහතා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ එහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහජනතාව තුළ ගුවන් සමාගම පිළිබඳ පවතින විශ්වාසය යළි ගොඩනැගීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

  ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ රටේ ජාතික සම්පතක්, එය පාඩු ලබන ආයතනයක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට අපට නොහැකි බවත් නව කළමනාකාරීත්වය සමඟ එක්ව, විනිවිදභාවයෙන් සහ වෘත්තීයභාවයෙන් යුතුව මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම අපගේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

ඔබේ දරුවාගේ ඡායාරූප අන්තර්ජාලයට දාන්න කලින් දෙපාරක් හිතන්න- කෘතිම බුද්ධිය හරහා එන අලුත්ම තර්ජනය මෙන්න

ඔබේ දරුවාගේ ඡායාරූප අන්තර්ජාලයට දාන්න කලින් දෙපාරක් හිතන්න- කෘතිම බුද්ධිය හරහා එන අලුත්ම තර්ජනය මෙන්න

තවද මේ සඳහා අවශ්‍ය සියළු දේශපාලන නායකත්වය ලබා දීමට තමා ඇතුළු රජය සූදානම් බවත්, ජනතා මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙස ජනතාවට වගකියන ආයතනයක් බවට පත් කිරීමට කැප වී රාජකාරී සිදු කරන බව සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා තව දුරටත් සදහන් කර තිබේ .