2017 වසරේ හසු වූ කෝටි 100ක දැවැන්ත හෙරොයින් තොගයේ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්වෙයි

Report

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනාවලට වරදකරු වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට මරණ දඬුවම නියම කිරීමට හලාවත මහාධිකරණය අද (17) පස්වරුවේ නියෝග කර තිබේ .

හලාවත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2017 වර්ෂයේ මැයි මස 17 වන දින හලාවත, ආනවිලුන්දාව ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

එම වැටලීමේදී පොලිස් භාරයට ගත් සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 211යි ග්‍රෑම් 818ක් විය ඉන් පසුව සිදුකළ රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව එහි ශුද්ධ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 136යි ග්‍රෑම් 99ක් බව තහවුරු විය.

කෙසේ නමුත් එය 2017 වසරේදී මෙරට පුද්ගලයෙකු සතුව තිබී පොලිසිය භාරයට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වූ අතර, එහි වටිනාකම රුපියල් කෝටි 100කට ආසන්න විය.

ඔබේ දරුවාගේ ඡායාරූප අන්තර්ජාලයට දාන්න කලින් දෙපාරක් හිතන්න- කෘතිම බුද්ධිය හරහා එන අලුත්ම තර්ජනය මෙන්න

ඔබේ දරුවාගේ ඡායාරූප අන්තර්ජාලයට දාන්න කලින් දෙපාරක් හිතන්න- කෘතිම බුද්ධිය හරහා එන අලුත්ම තර්ජනය මෙන්න