ජනපති මන්දිරයෙන් සොරාගත් භාණ්ඩ තොගයක් සමඟ අරගලකරුවන් 03ක් මාට්ටු වෙයි..

Sri Lanka Police Presidential Secretariat of Sri Lanka Sri Lanka
By Aruna Jul 25, 2022 06:49 AM GMT
Aruna

Aruna

Report

කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොරාගත්තා රන් ආලේපිත තඹ බෝල හතළිහක් සොරකම් කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අරගල කරුවන් විසින් ජනාධිපති නිල නිවෙසට ඇතුලු වීමෙන් පසු මෙම භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලිසිය කියා සිටී.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරණ යකඩ අලෙවිකරණ ස්ථානයකට මේවා අලෙවි කිරීමට තැත් කිරීමේ දී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ද හෙළි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now