TikTok තහනම් වෙයි?.

United States of America TikTok China Social Media Latest Headlines
By krishani Apr 22, 2024 05:50 PM GMT
krishani

krishani

Report

චීන සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික් ටොක් තහනම් කිරීම සඳහා අමෙරිකාව ගෙන ආ පනත් කෙටුම්පතක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

TikTok තහනම් වෙයි?. | Approval Of The Bill To Ban Tik Tok In America

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේ දී ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට පක්ෂව ඡන්ද 360 ක් ලැබී තිබෙනවා.

නමුත් එයට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 58 ක් පමණී.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වනවිට අමෙරිකානු පුරවැසියන් මිලියන 170 ක් පමණ ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරන බවයි.

තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.

තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.


අමෙරිකාව චෝදනා කළේ මෙම යෙදවුම මගින් චීනය විසින් දත්ත සොරකම් කරමින් ඔත්තු බැලීම සිදුකරන බවයි.

කෙසේ වෙතත්, ඒ අනුව ටික් ටොක් තහනම් කිරීම සඳහා ගෙන එන ලද පනත් කෙටුම්පත ඉදිරියේ දී සෙනෙට් මණ්ඩලයට යොමුකිරිමට නියමිතය.