එන්නත් දෙකම ගත්, මත්පැන් පානයෙන් තොර අයට විවාහ උත්සව පැවැත්වීමට අවසර?

curfew covid19 quarantine GMOA wedding ceremony
By Sewvandhi Sep 29, 2021 05:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කුඩා හා මධ්‍ය පරිමාණ විවාහ සේවා සපයන්නන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මූලස්ථානයේ දී පැවැත්වුණා. පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ විවාහ සේවා සපයන්නන්ගේ සංගමය විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

මෙහිදී දෙපාර්ශ්වය අතර පවතින නීතිරීති සීමා යටතේ නැවතත් විවාහ මංගල උත්සව පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා. එහිදී පවතින කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඉඩ ලබා දිය හැකි අවම අමුත්තන් සංඛ්‍යාවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙමින් විවාහ මංගල උත්සව ආරම්භ කිරීමට දෙපාර්ශවයෙන්ම එකඟතාව පල වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම පවත්වනු ලබන විවාහ මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොරව පැවැත්වීමටත් මෙම සාකච්ඡාවේදී එකඟ වී ඇති අතර විවාහ මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ පූර්ණ එන්නත්කරණය සදහා භාජනය වු අයට පමණක් වන ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශන සැකසීමටත් එහිදි වී එකඟතාව පළ වී තිබෙනවා.

එමගින් වයස අවුරුදු 20 – 30 සීමාවේ සිටින තරුණ පරපුර එන්නත්කරණය සදහා දිරිමත් කිරීමත් මෙහි එක් අරමුනක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා කුඩා හා මධ්‍ය පරිමාණ විවාහ සේවා සපයන්නන්ගේ සංගමය සමග එකඟ වූ මෙම ඉල්ලිම් ජනාධිපති කාර්යසාධක බලකායට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now