ගම්මන්පිල විගණකාධිපති කරන්න ඉල්ලා ජනපතිට ලියුමක්
ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා සහ විගණකාධිපති ධුරයේ දැනට වැඩ බලන ධර්මපාල ගම්මන්පිල නව විගණකාධිපතිවරයා ලෙස පත් කරන්නයි ජාතික විගණන කාර්යාලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
හිටපු විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න විශ්‍රාම යාම හේතුවෙන් එම ධුරය මේ වන විට පුරප්පාඩුව පවතිනවා.
විගණකාධිපති ධුරය සඳහා අයදුම්පත් පහක් ලැබී තිබෙනවා.
එම තනතුරට සුදුස්සෙකු තෝරා පත් කර ගනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය මත ජනපති විසිනි.
එම පත්කිරීම සම්බන්ධයෙන් සලකා බැලෙන ව්‍යවස්ථාදායක සභාව මේ සතියේ රැස් වීමට නියමිතයි.