අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු DNA පරීක්ෂණයකට!

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු යුද හමුදා සෙබළා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත.

මෙම නඩුව ඊයේ (9) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදී තිබේ.

අප්‍රේල් 15 ගැන තීරණයක් නැහැ

අප්‍රේල් 15 ගැන තීරණයක් නැහැ

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින් සැකකරු ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කර, එහි වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා ඇති බවයි.

ඒ අනුව, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

අද ගම්බිම් බලායන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!

අද ගම්බිම් බලායන ජනතාවට මෙන්න විශේෂ දැනුම්දීමක්!