අප්‍රේල් 15 ගැන තීරණයක් නැහැ

Report

අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස දින දර්ශනවල සඳහන්ව ඇති අතර එය බැංකු නිවාඩු දිනයක් ලෙසයි සඳහන්ව ඇත්තේ.

නමුත් මේ සම්බන්ධයෙන් ජනතාවට යම් ගැටළුවක් ඇති විය හැකි බැවින් ඒ සම්නබන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව අද ප්‍රකාශ කෙරුනි.

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

රෙදි ගැලවෙන්න දුන්න හිරුණිකා... පාතාලය ගැනත් අනාවැකි (VIDEO)

අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අද (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉදිරි දින කිහිපයකදී පොලිස් ආරක්ෂාව තර කෙරේ

ඉදිරි දින කිහිපයකදී පොලිස් ආරක්ෂාව තර කෙරේ

සිකුරාදා දිනයත් මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් අදාළ සතිය තුළ වැඩකිරීමට ඇත්තේ දින තුනක පමණ කාලයක් වන නිසාවෙන් තවමත් එම දිනය ගැන නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසීය.