අධිකරණ නියෝගය නොතකා අනුරාධපුරයේ සත්‍යග්‍රහය තෙවන දිනටත් අඛණ්ඩව
රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වේ.
අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය පසුගිය 07 වනදා පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී ආරම්භ කරනු ලැබීය.
එහිදී විරෝධතාවයේ නිරත පිරිස අදාළ ස්ථානයේ අට්ටාලයක් ඉදිකිරීමට කටයුතු කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර, අනුරාධපුර මූලස්ථාන පොලීසිය මඟින් ඒ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගත්තේය.
නි.ඇමති මහින්ද ජයසිංහ මහතා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් - සුදුසුකම් බොරුලු ටීචීන් පත්වීම ලැබුණු විදිහත් එළියට
ඒ අනුව, අදාළ පූජා භූමි ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය සත්‍යග්‍රහයේ නිරත පිරිසට නියෝගයක් නිකුත් කළද, එම නියෝගය නොතකා පිරිස තවදුරටත් අදාළ ස්ථානයේ රැඳී සිටිති.
මේ අතර, ඊයේ (08) රාත්‍රියේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ තිබේ