ගින්නෙන් විනාශ වූ හිට්ලර්ගේ සුප්‍රසිද්ධ මන්දිරය ''යළි ගොඩනඟනවාද?'' - ''නැත්නම් ඉවත් කරනවාද?''

By Malith Madushan Nov 09, 2026 03:48 AM GMT
Report

ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ඓතිහාසික කඳු මුදුනේ නිවාඩු නිකේතනයක් වූ 'ඊගල්ස් නෙස්ට්' (Eagle's Nest) ගින්නකින් විනාශ වීමත් සමඟ එහි අනාගතය සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.

ජර්මනියේ බැවේරියානු ඇල්ප්ස් කඳුකරයේ පිහිටි මෙම ගොඩනැගිල්ල 1938 වසරේදී නාසි පාලන සමයේ ඉදිකරන ලද්දකි.

ජර්මානු භාෂාවෙන් 'කෙල්ස්ටයින්හවුස්' (Kehlsteinhaus) ලෙස හඳුන්වන මෙය, ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ සමීප නාසි නායකයන් විශේෂ අමුත්තන් පිළිගැනීම සඳහා භාවිත කළ ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

පසුගිය ඔක්තෝබර් 23 වැනිදා රාත්‍රියේ ඇති වූ ගින්නකින් මෙම ගොඩනැගිල්ලේ විශාල කොටසක් විනාශ වී ඇති අතර, එය හිතාමතා සිදුකළ ගිනි තැබීමක් බවට සැක පළ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මානසික රෝග ඉතිහාසයක් ඇති 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ආරක්ෂිත මානසික සෞඛ්‍ය ආයතනයක රඳවා ඇති බවද වාර්තා වේ.

වනාන්තරවලින් නක්සල්වාදීන් තුරන් කළත් තවත් පිරිසක් සමාජයේ - මෝදිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

වනාන්තරවලින් නක්සල්වාදීන් තුරන් කළත් තවත් පිරිසක් සමාජයේ - මෝදිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මෙම ගොඩනැගිල්ලේ අනාගතය සම්බන්ධයෙන් මේ වනවිට ජර්මනිය තුළ ප්‍රධාන මත දෙකක් ඉදිරිපත් වී තිබේ. එක් පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ ගින්නෙන් විනාශ වූ ගොඩනැගිල්ලේ ඉතිරිව ඇති සුන්බුන් ඉවත් කර එම භූමිය යළිත් ස්වභාවික පරිසරයට භාරදිය යුතු බවයි.

තවත් පිරිසක් පවසන්නේ එය සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙස නැවත ඉදිකර ඉතිහාසය පිළිබඳ මතකය ආරක්ෂා කළ යුතු බවයි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නාසි ජර්මනිය පිළිබඳ විශේෂඥ මහාචාර්ය ශ්‍රීමත් රිචඩ් ජේ. එවන්ස් පෙන්වා දෙන්නේ මෙම ස්ථානයේ නටබුන් ඉවත් කර කඳුකරය ස්වභාවික තත්ත්වයට පත් කිරීම වඩාත් සුදුසු බවයි.

කෙසේ වෙතත්, බැවේරියානු ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෝකිම් හර්මන් සහ කලා කටයුතු පිළිබඳ අමාත්‍ය මාකස් බ්ලූම් මෙම ගොඩනැගිල්ල නැවත ඉදිකිරීමට සහාය පළ කර තිබේ.

එහි නටබුන් පමණක් ඉතිරි කිරීමෙන් නව නාසිවාදීන්ට එම ස්ථානය වන්දනාමාන කරන ස්ථානයක් බවට පත්කර ගැනීමට අවස්ථාව සැලසිය හැකි බවටද තවත් පාර්ශ්වයක් අනතුරු අඟවයි.

ඔබර්සල්ස්බර්ග් ලේඛනගත කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී ස්වෙන් කෙලර් පෙන්වා දෙන්නේ හිට්ලර්ගේ සමීපතම නිවාසයක් වූ 'බර්ග්හොෆ්' 1950 දශකයේදී කඩා ඉවත් කළද, එමගින් නාසිවාදීන්ගේ මතකයෙන් එම ස්ථානය ඉවත් කිරීමට හැකි නොවූ බවයි.

මේ අතර, මියුනිච්හි ලුඩ්විග් මැක්සිමිලියන් විශ්වවිද්‍යාලයේ සමකාලීන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඉසබෙල් හයින්මන් පවසන්නේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පැරණි ආකාරයටම නැවත ඉදිකිරීම සුදුසු නොවන බවයි.

ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළට - 2020න් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම මෙන්න

ලෝකෙටම සුබ ආරංචියක් - තෙල් මිල පහළට - 2020න් පසුව සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම මෙන්න

ඒ වෙනුවට ගින්නෙන් පසු ඉතිරි වූ කොටස් සහ ඓතිහාසික නටබුන් ලේඛනගත කර, නවීන ගෘහ නිර්මාණ ශිල්පය යටතේ එහි කොටස් කිහිපයක් ප්‍රතිනිර්මාණය කිරීම වඩාත් සුදුසු බව ඇයගේ අදහසයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඓතිහාසික ස්මාරකයක් ලෙස නම් කෙරුණු මෙම ස්ථානය, දිගු කලක් බැවේරියානු ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් ලෙස පැවතිණි. සෑම සංචාරක වාරයකදීම දසදහස් ගණනක පිරිසක් එහි පැමිණි අතර, එය ප්‍රදේශයේ ආර්ථිකයටද වැදගත් ආදායම් මාර්ගයක් විය.

ගින්නෙන් ගොඩනැගිල්ලේ වැඩි කොටසක් විනාශ වී ඇතත්, ඒ ආසන්නයේ පිහිටි නාසි ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් ඔබර්සල්ස්බර්ග් ලේඛනගත කිරීමේ මධ්‍යස්ථානයට හානියක් සිදුව නොමැති බවද සඳහන් වේ.

ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික දේශපාලන ප්‍රවණතා යළිත් ශක්තිමත් වෙමින් පවතින පසුබිමක, නාසි ඉතිහාසයට සම්බන්ධ ස්ථාන සංරක්ෂණය කළ යුතුද, නැතහොත් ඒවා ඉවත් කළ යුතුද යන ප්‍රශ්නය යළිත් දැඩි කතාබහට ලක්ව තිබේ.

ඒ අනුව, හිට්ලර්ගේ අතීතය සිහිපත් කරන මෙම ඓතිහාසික ගොඩනැගිල්ලට ඉදිරියේදී කුමක් සිදුවේද යන්න පිළිබඳව ජර්මනිය තවමත් අවසන් තීරණයකට පැමිණ නැත.

මුම්බායි දුම්රියේ ගුටි බැට හුවමාරුවක් දුරදිග යයි - අවසානයේ එක් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි

මුම්බායි දුම්රියේ ගුටි බැට හුවමාරුවක් දුරදිග යයි - අවසානයේ එක් මගියෙක් දුම්රියෙන් ඇද වැටෙයි