මාරක රිය අනතුරු - ජීවිත තුනක් බිලි ගනී

Anuradhapura Thavaramkulama Kurundamkulama Hulandhava Upuldeniya
By Sewvandhi Oct 22, 2021 03:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු කිහිපයක් වාර්තා වී ඇති අතර ඉන් ජීවිත තුනක් අහිමි වී තිබේ. තවරන්කුලම - අනුරාධපුර මාර්ගයේ බැංකුවක් අසල දී අපරික්ෂාකාරී ලෙස ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව අනතුරුට ලක්ව ඇත.

යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී ඇති අතර එහිදී තුවාල ලැබු යතුරුපැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20ක් වු කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, කහවත්ත පොලිස් වසමේ පැල්මඩුල්ල - නෝනාගම මාර්ගයේ ඇල්ලේගහවත්ත ප්‍රදේශයේ දී රක්වාන දෙසට ධාවනය වු යතුරුපැදියක් අනතුරට ලක්ව තිබේ. යතුරුපැදිය එම දිශාවට ම ධාවනය වු පෞද්ගලික බස්රථයකට ඉස්සර කිරීමට යෑමේ දී බස්රථයේ බඳෙහි ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු 34 හැවිරිදි හුලංදාව, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරු කහවත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට පත්ව ඇත.

මේ අතර ගලෙන්බිඳුනුවැව - උපුල්දෙණිය මාර්ගයේ ගලෙන්බිඳුනුවැව නගරය ආසන්නයෙ ධාවනය වු යතුරුපැදියක් කාණුවක් ඉදිකිරීමට මාර්ගය හරහා කපා තිබු වලකට වැටී අනතුරට ලක්ව තිබේ. තුවාල ලැබු 40 හැවිරිදි එම ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.