කුපිත වූ පෙම්වතා පෙම්වතියගේ නිවසට මෝටර් රථයෙන් කඩා වැද සිදු කළ වැඩේ.. (VIDEO)
පෙම්වතිය විසින් ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීම හේතුවෙන් උරණවූ පෙම්වතා ඊයේ (03) රාත්‍රියේ පෙම්වතියගේ නිවසට සිය මෝටර් රථයෙන් ප්‍රහාරයක් එල්ලකර තිබේ. පෙම්වතා සිය මෝටර් රථය ධාවනය කර පෙම්වතියගේ නිවසේ ගේට්ටුව කඩාදමා පසුව පිරිසක් සමග නිවැසියන්ට පහරදීමට තැත්කළ බව එම නිවැසියන් පවසයි.
මෙම සිද්ධිය ඊයේ (03) රාත්‍රී 10ට පමණ සිදුව තිබුණේ අනුරාධපුරය නගරයේ පෙම්වතියගේ නිවස ඉදිරිපිටදීය. එහිදී පෙම්වතා විසින් පෙම්වතියගේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් ද කිහිපවරක් සිය මෝටර් රථයෙන් හප්පා දැඩි හානි සිදුකර තිබේ.
පෙම්වතිය සඳහන් කළේ ඔහු සිය දෙමව්පියන්ව ද මෝටර් රථයට හප්පා ජීවිත හානි කිරීමට උත්සාහ කළ බවය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙම්වතියගේ පියා සඳහන් කළේ, "ඊයේ රාත්‍රී 10ට විතර වුණේ. ඉන්ධනහල් හිමියෙකුගේ පුත්‍රයෙක් ඔහු. වාහනෙන් ගේට්ටුව හප්පලා ගේට්ටුව වැට්ටුවා. ඉස්සරහා නවත්තලා තිබුණු වාහනේ 4 පාරන් විතර හැප්පුවා."
"ටැෆික් එකේ දෙන්නෙක් ටිකක් ඈතින් වෙන්න නැවතිලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම බලං හිටියා. මෙතන රණ්ඩුවක් කියලා කියලත් ඒ අය ආවේ නැහැ. පොලිස් ජීප් එක ආවට පස්සේ ඒගොල්ලො මෙතනට ළං වුණා." "මගේ ලොකු දුවගෙයි චතුර කියන කෙනාගෙයි ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒක නැවැත්තුවා. ඒක තමයි මේකට හේතුව. මීට පෙරත් දුරකතන 2ක් කුඩු කළා." "පොලීසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලකුත් දාලා තිබුණේ කලින්.
චතුරට මේ පැත්තට එන්න බැහැ කියලා පොලීසියෙන් අවවාද කරලා තියෙද්දි තමයි මේ සිද්ධිය වුණේ." සිද්ධියට මුහුණ දුන් තරුණිය සඳහන් කළේ මෙම සිද්ධියෙන් තමා දැඩි පීඩනයට පත්වී සිටින බවත් තමන්ගේ ජීවිතයට යම් අනතුරක් සිදුවීමට පෙර ප්‍රශ්නය විසඳා දෙන්නැයි පොලීසියෙන් ඉල්ලා සිටින බවය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |