ශික්ෂණ රෝහලක වෛද්‍යවරුන් 9ක් සේවය හැර ගිහින්..?

Anuradhapura Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Apr 06, 2023 01:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් නව දෙනෙකු රෝහල හැර ගොස් ඇති බවයි මේ අතරින් වෛද්‍යවරුන් 6 දෙනෙකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගියදා එම ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනකු රට හැර යෑම නිසා එම ඒකකය වසා දැමූ අතර, ප්‍රතිකාර ලැබූ ළමා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කළේය.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද මේ වන විට අහිමිව ගොස් තිබෙනවා.

 අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ගිය බව දන්නා බවත්, තවත් වෛද්‍යවරුන් පිරිසක් පිටව ගොස් ඇති නමුත් ගණන කොපමණද යන්න එතුමාට කිව නොහැකි බවත්ය.

එමෙන්ම, මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුවේ පැන නැගී ඇති වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් දැනුවත්ව සිටින බවත්, එම ගැටලුවලට තවම විසඳුමක් නැති බවත් ඔහු කීවේය.

ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාඩු ලබා විදේශගත වීම කවදත් සිදුවන දෙයක් බව කී අධ්‍යක්‍ෂවරයා එය රාජකාරි ස්වභාවයක් බවද කීවේය.

සේවය අතහැර විදෙස්ගත වූ වෛද්‍යවරුන් වෙනුවෙන් කිහිපදෙනකු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යොමු කර ඇති බවත් මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා රෝගීන්ට විශාල බලපෑමක් එල්ල වී නැති බවත් ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha