ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිව්රුම් දීමට සියල්ල සුදානම්..

Anura Dissanayake President of Sri lanka Sri Ganesh
By Piyumika Sep 23, 2024 01:45 AM GMT
Piyumika

Piyumika

Report

2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කරන ලදී. මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රතිශත අවම ප්‍රමාණයක පැවතීම හේතුවෙන් දෙවන මනාප ගණනයකට යොමු විය.කෙසේ නමුත් ඒ සමස්ත දිවයිනෙන්ම ඡන්ද හා මනාප 5,740,179 ක් ලබා ගෙන ප්‍රතිවාදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස පරාජයට පත් කරමින් ය.

ඒ අනුව නව ජනාධිපතිවරයා දිවුරුම් දීම අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී සිදුවීමට නියමිත බවයි පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ.

මිථුන,තුලා,ධනු සහ මකර ලග්න හිමියන් අද දවස ගැන දැඩි අවධානයෙන් ඉන්න..

මිථුන,තුලා,ධනු සහ මකර ලග්න හිමියන් අද දවස ගැන දැඩි අවධානයෙන් ඉන්න..

ප‍්‍රභූ පන්තියේ දේශපාලනය හමාර කර, සාමාන්‍ය ජනතාව පාලනය සිදු කරන ක්‍රමවේදයකට සිදු වූ සුවිශේෂී පරිවර්තනයක් ලෙස මෙම ජයග්‍රහණය තමන් හැඳින්වීම සුදුසු බවයි ජාතික ජන බලවේගය පක්ෂ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේයා . මෙම ගමන අතිශය දුෂ්කර ගමනක් වූ අතර එහිදී සෑම අවස්ථාවකදී ම තම පක්ෂය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සටන් වැදි, අතහිත දුන් සියලුම දෙනාටත්, මනාප ලබා දී ජය මාවත වෙත යොමු කළ රටේ සියලු ම ජනතාවටත්, මාධ්‍යවේදී ඇතුළු සෙසු ප්‍රජාවටත් පක්ෂයේ ගෞරවය සහ ස්තුතිය පුද කරන බව ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන ලදී.

ලද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙසත්; ජනයාට ලබා දුන් පොරොන්දු අනිවාර්‍යයෙන් ම සිදු කිරීමට බැඳී සිටින බවත් හෙතෙම කියා සිටියේය.

අද එලියට යනවානම් කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා ..

අද එලියට යනවානම් කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා ..

මේ වන විට 55 වන වියේ පසුවන අනුර කුමාර දිසානායක මහතා 1968 වසරේ නොවැම්බර් මස 24 වන දා ගලේවෙල, දේවහූව ප්‍රදේශයේදී දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක නමින් උපත ලද්දේය. ඔහුගේ පවුල සහ පවුලේ සාමාජිකයින් සම්බන්ධ තොරතුරු අප්‍රසිද්ධ නමුත් පියා කම්කරුවෙකු වූ අතර මව ගෘහණියකි.එක් සහෝදරියක් ඔහුට සිටි.තරුණ දිවියේදී යුගදිවි අරබන ඔහු එක් පුත්ත්රයකුගේ ආදරණිය පියෙකි.

2023 වසරේ පාර්ලිමේන්තුවේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, තම පුත්‍රයා "එයාර් ලංකා එකේ වැඩ කරනවා," යනුවෙනි. එසේම ඔහු යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණේ, තමා ටියුෂන් ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළ බව ය.

ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් (ඊට පෙර තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය ලෙස හැඳින්විණි) සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද අතර උසස් පෙළ සඳහා අධ්‍යාපනය තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් ලැබුවේ ය. උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු 1992 වසරේදී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වීමට වරම් ලබන අතර තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල ප්‍රවේශය දිනා ගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය. 1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අනුර කුමාර දිසානායක 1995 දී තම උපාධිය ලබාගත්තේය.

මැතිවරණය ජය ගත් අනුර කුමාරට ඇමෙරිකාවෙන් උණුසුම් සුබ පැතුම්... (PHOTO)

මැතිවරණය ජය ගත් අනුර කුමාරට ඇමෙරිකාවෙන් උණුසුම් සුබ පැතුම්... (PHOTO)

මෙතුමන්ගේ දේශපාලන මග මදකට විමසීමේදී. 1987 වසරේදී ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ කාලවකවානුවේ ශිෂ්‍යයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතුවලට ද සම්බන්ධ වන්නේ ය.

1997 වසරේදී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙස පත්වෙයි. එම වසරේදී ම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත් වන ඔහු ඉන් වසරක් ගත වීමෙන් පසු එනම්, 1998 වසරේදී එහි දේශපාලන මණ්ඩලයට පත් වන්නේ ය. එම වසරේදී ම ඔහු මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරග කළේ ය.

අනුර කුමාර දිසානායක ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2000 වසරේදී ය. ඔහු 2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට දායකත්වය සැපයීය. 2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සමග එක්ව 'එක්සත් ජනතා නිදහස් සන්ධානය' පිහිටුවා ගත් අතර එම වසරේ පැවති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ගණන ලබා ගනිමින් ඔහු පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත්විය.

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..

වැල් පාලමේ අවසානය පෙනි පෙනී ලක් දරුවා අනුරට භාර දී ජනපති රනිල් යන්න යයි.. අවසානයේ කීව දෙය මෙන්න..

එම ආණ්ඩුවේ ඔහු කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. 2008 වසරේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස තේරී පත් විය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔහු 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නැවතත් තේරී පත් විය. එම වසරේ ම සැප්තැම්බර් 3 වන දා සිට 2018 දෙසැම්බර් 17 වන දා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද ඔහු කටයුතු කළේ ය.

එසේම ඔහු 2019 වසරේ ජාතික ජන බලවේග ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ද විය.

ඔහු වසර 24ක කාලයක් පාර්ලිමේන්තුවේ සිටි සටන්කාමි දේශපාලනඥයෙකි. 

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%