පලාත් තුනක කදු 2000ක් චෙක් කරයි
මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල කඳු දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා රජයට පූර්ණ වාර්තාවක් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර ඇත.
එම සංවිධානයේ විශේෂඥයන්ගේ හිඟයක් පවතින හෙයින් මෙම කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ද ජල සම්පත් මණ්ඩලය ඇතුළු වෙනත් ආයතනවල විශේෂඥයන්ද සම්බන්ධ කරගැනීමට එම සංවිධානය බලාපොරොත්තු වේ. ජනතාව පදිංචිව සිටින සහ ආශ්‍රිතව සිටින කඳු පන්ති මෙහිදී විශේෂයෙන් ඉලක්ක කෙරේ.
මේ අතර කඳුනාය යෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටද මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කඳු පන්ති මෙලෙස පූර්ණ පරීක්ෂාවට ලක් කර ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජනතාව ඒවායේ පදිංචියට යොමු කිරීමට කටයුතු කෙරෙන බව වාර්තාවේ. ආරක්ෂාව සැලකිල්ලට ගෙන කඳු පන්ති සියයකින් පමණ ජනතාව දැනටමත් ඉවත් කරනු ලැබ ඇත.