ජනපති අනුර කුමාරගේ ඡායාරූප පළ කරන අයට විශේෂ දැනුම්දීමක්..අදින් පසුව මෙහෙමයි කරන්න වෙන්නෙ.

Report

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී ඇත.

පාසල් සිසුවෙක් ස්පා ගිහින් තරුණ කතුන් දෙන්නෙක් සම්බාහනය කරනව කියල කරපු දේ..සිසුවා නොසිතූ දෙයකට මුහුණ දෙයි..

පාසල් සිසුවෙක් ස්පා ගිහින් තරුණ කතුන් දෙන්නෙක් සම්බාහනය කරනව කියල කරපු දේ..සිසුවා නොසිතූ දෙයකට මුහුණ දෙයි..


ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම ලිඛිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත සිදු කර ඇත.