"..එක පාරයි වචනය වැරදුනේ..පනස් වතාවකට වඩා හරියට කියලා තියෙනවා.." ඇමරිකාවේ සිට අනුර කියයි..
By Sewvandhi
ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ, තමන් ග්‍රැෆීන් වෙනුවට ග‍්‍රැපයිට් ලෙසින් පැවසීමෙන් සිදුවූ වචනයක අත්වැරදීම අද වන විට සමාජය තුළ විශාල කතාබහකට ලක්ව ඇති බවයි.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, නමුත් තමන් තමන් එම වචනය නිවැරදි ආකාරයෙන් පනස් වතාවට වඩා පවසා ඇතත් ඒ ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වූයේ නැති බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
නමුත් වඩා ප‍්‍රබල වන්නේ තමා අතින් සිදුවූ වචනයක වරද ද ලංකාවට සිදු වී ඇති වරද දැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.